පිංතූර ගබඩා කර තියාගන්න හොඳ තැන් කිහිපයක් මෙන්න

Best image sharing sites

අපි ෆොටෝස් ගත්තට පස්සේ ඒවා ෆෝන් එකේ පුරවගෙන ටික කාලෙකින් ම storage නැති කරගන්නවා. ඉස්සර සීඩී වලට දාලා තිබ්බාට වැඩිකල් තියෙන්නේ නැහැ වගේම අද තියෙන උපාංග වල සීඩී බලන්නත් බැහැ. මේකට අලුත්ම ක්‍රමය තමයි ඔන්ලයින් තියාගන්න එක. අපි අද ඊට හොඳම සයිට් ටිකකුයි ඔබට ගෙන එන්නේ.
 

1. ෆ්ලිකර්

Best image sharing sites

Source – flickr.com

2004 වර්ශයේ ආරම්භ වුණ ෆ්ලිකර් යාහූ සමාගමේ සාමාජිකයෙකි. ෆ්ලිකර් හිදී ඇමරිකානු ඩොලර් 50ක වාර්ෂික වාරිකයකින් දැන්විම් රහිත ගිගාබයිට් 1000ක එනම් ටෙරාබයිට් එකක අවකාශයක් අපිට පොටෝ වෙනුවෙන් ලබාගන්නට හැකියි. ඩ්‍රැග් ඇන් ඩ්‍රොප් ක්‍රමයට පරිගණක ෆෝල්ඩරයෙන් පිංතූර ඇද දැමීමටත් හැකි ෆ්ලිකර් හරහා අපට  අවශ්‍ය රෙසලූෂන් ප්‍රමාණයෙන් ඡායාරුපය බාගත කරගන්නට ද හැකියි. නූතන ඩිජිටල් කැමරා යුගයේ මුල්කාලයේදීම පැමිණි ෆ්ලිකර් තවමත් ඡායාරූප ශිල්පීන් අතර පවා ප්‍රචලිත වූ පිංතූර හුවමාරු අවකාශයකි.

 

2. 500 PX

Best image sharing sites

Source – 500px.com

මෙහිදී ෆොටෝ ඇල්බම තැනීම පහසුවෙන් කළ හැකි අතර නොමිලේ ලැබෙන අවකාශයේදී සතියකට පිංතූර 20ක් පමණ අප්ලෝඩ් කළ හැකිය. මේ අවකාශයේ හොඳ ඡායාරූප ශිල්පීන්ට තමුන්ගේ ඡායාරූප අලෙවි කරගැනීමේ හැකියාවද ලැබේ. මොබයිල් ඇප් එකක් ලෙසද භාවිතය 500 PX පහසුය. එහි මාසික වාරිකය ඩොලර් 5කට ආසන්න වන පරිදි ගිණුම් සකසාගැනීමටද හැකිය. අපගේ පිංතුර ලොව වටා සිටින පිංතුර ලෝලින්ගේ නෙතට කෙලින්ම හසුවන මෙම අඩවිය වර්තමානයේ පිංතූර ලෝලින් අතර ජනප්‍රිය වෙමින් තිබෙන අඩවියකි.

 

3. ෆේස්බුක්

Best image sharing sites

Source – facebook.com

අප වැනි රටවල නම් අන්තර්ජාලයට පිවිසෙන බොහෝ දෙනෙක්ට ෆේස්බුක් ගිණුම් තිබේ. ෆේස්බුක් හරහා මිතුරන්ගේ සේයාරූ බෙදාහදාගැනීමද පහසුය. පිංතූර ඇල්බම ලෙසද නිර්මාණය කරගත හැකි මෙහි පිංතූර වැඩි quality එකෙන් අප්ලොඩ් කිරීමද කළ හැකිය. අපගේ මිතුරන් සහ නෑයින් ආදිය ෆේස්බුක් facebook තුලින් අපිට හමුවන නිසා ෆේස්බුක් හි දමන පිංතූර වැඩි පිරිසක් අතර පිවිසේ. ෆේස්බුක්හි නවතම සංස්කරණ මගින් අපට මිතුරනගේ පිංතුර සහ ස්ටේටස් වැඩිමනක් පෙනන ආකාරයට එහි දත්ත පද්ධති සකසා තිබේ. චාරිකාවක්, උත්සව අවස්ථාවක්, යම් සිදුවීමක් වාර්තා කිරීමට ෆේස්බුක් හි පොටෝ සෙයා කිරීම අලුත් දෙයක් නොවන අතර තවදුරටත් ස්ථාන ආදිය ගැන රිවීව්ස් දැමීම රේට් කිරීම වැනි උපායමාර්ග ඔස්සේ ෆේස්බුක් සිය අවකාශය පුළුල් කරමින් පවතී.

 

4. පොටෝබකට්

Best image sharing sites

Source – photobucket.com

පොටෝ බකට්ද පිංතූර ගබඩා කළ හැකි අවකාශයක් වන අතර එහිදී පිංතුර සංස්කරණයට වැඩි ඉඩක් වෙන්වේ. ටැග් වශයෙන් වෙන්කර පිංතූර තබාගැනීමටද පොටෝබකට් හිදී අවස්ථාව ලැබේ. කලින් 500පි එක්ස් හි මෙන් පිංතුර විකිණීමට ද පොටෝබකට් photobucket මගින් අවස්ථාව ලැබේ. ස්ටොක් ඉමේජ් ලෙස පෙන්වන පොටෝ බකට් පොටෝ මගින් ප්‍රවෘත්ති පත්‍ර කලාවේදීන් සහ මුද්‍රණ වැඩවලට සේයාරූ ලබාගන්නා අය නිසා දක්ෂ සේයාරූ ශිල්පීන්ට අමතර ආදායමක්ද එයින් ලැබේ.

 

5. කැනොන් ඉරිස්ටා

Best image sharing sites

Source – canonirista.com

මැක් සහ වීන්ඩෝස්  තුලින් පොටෝ අප්ලෝඩ් කිරීමේදී නවතම අවකාශයක් වන Canon Irista  වැදගත් සහායක් ලබා දේ. එසැණින්ම පොටෝ ඉන්ටග්‍රැම් සහ ෆේස්බුක් සහ ට්විටර් හි සෙයා කරගත හැකිවීම කැනන් ඉරිස්ටා හි ඇති විශේෂාංගයකි. මෙහි තවමත් මොබයිල් ඇප් එකක් නොමැති අතර ප්‍රිමියම් එකවුන්ට් එකක් පවත්වාගෙන යෑමේදි ටෙරාබයිට් එකක් ලැබෙන අතර ගාස්තුව ඩොලර් 13කි.

 

6. ස්මග්මග්

Best image sharing sites

Source – smugmug.com

මේ අඩවියද ඔන්ලයින්ම යම් යම් වෙනස්කම් පොටෝවලට සිදුකළ හැකි කදිම අවකාශයකි. ෆොටෝෂොප් ලයිට්රූම් වැනි වෘත්තිය මට්ටමේ මෘදුකාංගවලදී කරන තරම් වැඩ තොගයක් මෙහිදී පින්තූරයක් සදහා කළ නොහැකි මුත් යම් කිසි මූලික සංස්කරණ කටයුතු කිහිපයක් කළ හැකි අවකාශයක් ලෙස SmugMug  ප්‍රචලිතය. මේ හරහා Fill HD ප්‍රමාණයේ වීඩියෝද සංස්කරණය කළ හැකිය. වාර්ෂිකව මෙහි පොටෝ තැන්පත් කිරීමේ ගාස්තුව ඩොලර් 40කට ආසන්න වේ. පොටෝ වඩාත් ලෙහෙසියෙන් සුමට කරගැනීමට වෙබ් අවකාශයේ ලැබෙන මහගු අවස්ථාවක් ලෙස ස්මුග්මග් සැලකිය හැකිය.

7. iCloud

Best image sharing sites

Source – freepik.com

අයි ක්ලවුඩ් හි තිබූ පිංතුර වෙනත් පාර්ශවයන් අතට යෑමෙන් ලොව පුරා ප්‍රභූන් සහ තරු වල පුද්ගලික සේයාරූ පිටතට නිකුත්විමක් කලකට පෙර අනාවරණය විය. ඉලක්ක කිරීමට ඉතාම පහසු මුරපද යෙදීම තුලින් අයි ක්ලවුඩ් iCloud  ගිණුම් වල දත්ත සොරාගැනිමට මග විවර කර තිබුණේද ඒ භාවිතා කරන්නන් ම විසිනි. එයින් පසු අයි ක්ලවුඩ් බාවිතා කරන අයට තද පාස්වර්ඩ් වලින් සන්නද්ධව එම අවකාශය භාවිතයට හුරු විය යුතු විය.
අයි ක්ලවුඩ් හරහා ලැබෙන නොමිලේ අවකාශය ගිගා 5කි. එයින් පසුව එය වැඩිකරගැනීමටද හැකිය. ග්‍රැෆික් ලෝකයේ අයික්ලවුඩ් හි මවුසමාගම වන ඇපල් යනු ජනප්‍රිය නමකි. පිංතූර නිර්මාණකරුවන් විසින් අයි ක්ලවුඩ් සිය නිර්මාණකාර්යන්හිදී පොටෝ හුවමාරු කරගැනීමට හරි හරියට  යොදාගනු ලැබේ. ඉහල මට්ටමේ තරමක් මිල අධික ඇපල් අවකාශය අනෙක් මෘදුකාංග, ලිනක්ස් සහ ඇන්ඩ්‍රොයිඩ් සදහා සහයෝගය දැක්විම අඩුවීම අයි ක්ලවුඩ් පොටෝ ස්ටෝරුවේ ඇති එක් අවාසියකි.

8. ගූගල් පොටෝ

Best image sharing sites

Source – seeklogo.net

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් භාවිතා කරන්නේ නම් ගූගල් පොටෝ google photo යනු දෙයියෝ දැක්කා හා සමානව සරලවම පොටෝ ගූගල් අවකාශයේ තැන්පත් කරගත හැකි අඩවියකි. සුලු යෙදුම් වෙනස්කමක් කිරීමෙන් ස්මාට් ෆෝනයෙන් හෝ ඇන්ඩ්‍රොයිඩ් ටැබෙන් ගන්නා පොටේ එවෙලේම ඔටෝ අප්ලොඩ් වීමටද ඉඩ හැරිය හැකිය.
ගූගල් එකවුන්ට් එකක් තිබෙන අන් අය සමග පිංතූර බෙදා ගැනීම ගූගල් පොටෝ වලදී වඩාත් පහසුවෙන් කළ හැකිය. ගූගල් හි පොටෝ, මේල්, ඩ්‍රයිව්, ආදී සියලු දේට ඇත්තේ එකම අවකාශයකි. එම අවකාශය වසරකට ඩොලර් 15ක් දි ගිගාබයිට් 100ක් දක්වා වැඩිකරගැනීමටද හැකිය. සරල වූ යෙදුම් සහ ෆිල්ටර් කිහිපයකින් සන්නද්ධව පැමිණෙන ගූගල් පොටෝ ඕනෑම ස්මාට්ෆෝනයකින්, ටැබකින් මෙන්ම ලිනක්ස් වටපිටාවේ වුවද පරිගණකයකින් හැසිරවිය හැකි සරල එහෙත් ප්‍රබල පොටෝ ගබඩා කිරීමේ යෙදවුමකි.

9. My Portfolio

Best image sharing sites

Source – adobe.com

පොටෝසොප්, ඉලස්ට්‍රේටර්, ලයිට්රූම් ආදී සේයාරූ සංස්කරණ මෘදුකාංග ලොවේ පෙරලිකාර ඇඩෝබි සමාගමේ වෙබ් අවකාශය My Portfolio වේ. එහි ගිගාබයිට් 2 සිට 20 දක්වා වූ අවකාශයක් ඩොලර් 10ත් 50ත් අතර මිලකට මිල නියම වේ. ඔන්ලයින් පොටෝ ඇල්බම තනන Behance වැනි අඩවි වලටද පෝට්ෆෝලියෝ තුලින් මනා සහායක් ලැබේ. වෘත්තියම සේයාරූ ශිල්පින්ට සිය වෘත්තියමය තත්වයන් බිහාන්ස් ඔස්සේ ලොවට විදහා පෙන්වන්නට මයි පෝට්ෆෝලියෝ තුලින් ලැබෙන ආලෝකය වැදගත්ය.

සේයාරූ ගැනීම මෙන්ම හුවමාරුවද නූතන ලෝකයේ දී වැදගත් සාධකයකි. එහිදී අප ඡායාරූපයේ අගය පහසුවෙන්ම ඉහල නැංවිය හැකි වඩාත් සුදුසු අවකාශයක පිංතුර ගබඩාකර තැබීමට අප සැවොම වෙහෙස මහන්සි වෙමු.

 
Cover Image Source – google.com / 123rf.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *