ළඟදීම විවාහ දිවියට එළඹෙන්න බලාපොරොත්තු වෙන ගෑණු ළමයෙක් දැනගෙන ඉන්නම ඕන කරුණු 7ක්

things should know by a newly wed girl

විවාහය කියන්නේ ගැහැණු පිරිමි කාගේත් ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයක්. විශේෂයෙන්ම ගැහැණු ළමයෙක් හරිම පරිස්සමට ගතයුතු තීරණයක් තමා මේ… ලස්සන මනාලියක් වෙලා මේ සුන්දර දිවිය ආරම්භ කරන එක ගැහැණු ළමයින්ගේ ජීවිතේ ලොකුම හීනයක්. ගෑණු ළමයි වෙන අපි කවුරුත් මේ ගමන යන්න සැරසෙන්නෙ හිතේ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන. මේ මුළු ලෝකෙම ඉන්න හැමෝම අතරින් අපි අපේම කියලා කෙනෙක් වෙන්කර ගෙන එයාත් එක්ක ඉතිරි ජීවිත කාලයම ගෙවන්නයි මේ සැරසෙන්නෙ.

ඔයාත් මේ වගේ ළඟදීම පතිනියක් වෙන්න ඉන්න යුවතියක් නම් ඔයා මෙන්න මේ කරුණු 7ත් දැනගෙන ඉන්න එක ගොඩාක් වැදගත් වේවි.

 

1. වටපිටේ අයගේ දේවල් නිසා සැමියා එක්ක ගිණි අවුලා ගන්න ලෑස්ති වෙන්න එපා…

things should know by a newly wed girl

Source – youtube.com

විවාහය කියන්නේ අපේ ජීවිතේට අළුත් පවුලක්, අළුත් නෑදෑ පිරිසක් අමුණන බැඳීමක්නේ. ඔයා ඉපදුන දවසේ ඉඳන් දැන හඳුනගත්ත නෑයෝ ගොඩට ඔන්න ඔයාගේම කියලා අළුත්ම කට්ටියක් එකතු වෙනවා. මේ අය ඉතින් විවිධාකාර ගතිගුණ තියෙන, විවිධාකාර අදහස් තියෙන අය. ඔයා මොන වගේද කියලා එයාලා දන්නෙත් නෑ, එයාලා මොනවගේද කියලා ඔයා දන්නෙත් නෑ… අළුතින්ම ඒ පවුලට එකතුවෙන ඔයා දිහා එයාලා එක එක කෝණ වලින් බලයි. කට්ටියක් ඔයාට උදවු කරයි. තව කට්ටියක් ඔයා එක්ක සුහදව ඉඳියි. ඒ වගේම ඕනම තැනක වෙනවා වගේ කට්ටියක් ඉඳියි ඔයාව අපහසුතාවයට ලක් කරන, ඔයාගේ දුර්වලකම් විතරක්ම දකින, අනිත් අයටත් ඒවා පෙන්නලා දෙන්න උත්සාහ කරන. ඉතින් ඔයා ඒ පවුලට සම්බන්ධ වෙන්න කලින්ම ඔයාගෙ හිත ශක්තිමත් කරගන්න ඕන මොනවගේ තත්ත්වයක් එළඹුණත් ඒවට හොඳ ශක්තිමත්ව මුහුණ දෙනවා කියලා. වැදගත්ම දේ තමයි විවාහයෙන් පස්සෙ මේ නෑදෑ පිරිසගෙන් එන එක එක හිත් රිදීම් වලට සැමියා එක්ක රණ්ඩු කරන්න යන්නෙ නෑ කියලා දැන්ම ඔයාම ඔයාට පොරොන්දුවක් වෙන එක. මොකද ඔයාගෙ සැමියාට හැකියාවක් නෑනේ පවුලේ එක එක්කෙනා ළඟට ගිහින් ප්‍රශ්න කරන්න. ඔහුට වෙලාවක් නෑ අනෙක් මිනිස්සු හිතන පතන විදිහ වෙනස් කරන්න. වැදගත්ම දේ ඔබ දෙදෙනාගේ අන්‍යෝන්‍ය වටහා ගැනීම බව ඔයා හොඳින්ම වටහා ගන්න ඕන. ඔන්න එතකොට මුළු පරපුරම ඇද කුද කියාගෙන ආවත් ඒකෙන් වැඩක් වෙන්නෙ නම් නෑ…

හොඳම දේ තමයි යන්න කලින්ම ඒ නිවස ගැන චිත්‍රයක් ඇඳගන්න. ඔයාගෙ සහකරුගෙන් ඔහුගේ පවුලේ අය ගැන විස්තර අසා දැනගෙනම යන්න. ඔහුට ඉතාම වැදගත් සම්බන්ධතා ගැන දැනගන්න. ඔහුගේ පවුලේ කිසියම් අසාමාන්‍යතා ඇති කිසිවෙක් සිටීනම් අසා දැනගන්න. ඒ වගේ දේවල් පසුව දැන ගැනීමෙන් ඔබ කලබලයට පත්වෙන්න පුලුවන්.

 

2. නැන්දම්මා සමඟ සටනට සැරසෙනවාට වඩා සමඟිව හිටියොත් හොඳයි නේද?

things should know by a newly wed girl

Source – marriagemissions.com

ඔයා මේ ගැන නම් දැනගන්නම ඕන. මොකද අපේ ගෑණු ළමයි විවාහයට කලින් ඉඳන්ම හිතේ තියාගෙන ඉන්නෙ නැන්දම්මා ලේලි ගැටුම ගැන විතරයි. ඒත් තමන්ගේම පුතාටත් වඩා ලේලිට ආදරෙන් ඉන්න නැන්දම්මලා මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඉතින් වැරදි අදහසක් හිතේ තියන් ඒ අනුවම හිතන්න යන එක නම් කොහොමත් හොඳ දෙයක් නෙමෙයි. එහෙනම් කොහොමද මේ සම්බන්ධතාවය ජය ගන්නේ? මේ ක්‍රම ටික ඔයාට උදව්වක් වේවි.

 

■ ඇයට අම්මා කියන්න

things should know by a newly wed girl

Source – huffingtonpost.com

ඔයාට මේ ලෝකෙ දකින්න ජීවිතය දෙන්නෙ ඔයාගෙ අම්මා. ඒ වගේම තමයි ඔයාගේ අම්මා දුන්න ජීවිතේ තව ටික දවසකට පස්සෙ තමන්ගේ ජීවිතේ කරගෙන ඔයාව රැකබලා ගන්න යන ඔයාගේ අනාගත සැමියාට ජීවිතේ දුන්නෙ ඔයාගේ අනාගත නැන්දම්මා. ඉතින් ඇයට කටපුරා අම්මා කියලාම කතා කරන්න ඔයා දැන්ම ඉඳන් සුදානමින් යන්න ඕන. ඇයත් ඔයාත් අතරේ සමීප බවක් ඇති කරන්න ඒ වචනයට තියෙන්නෙ විශාල හැකියාවක්.

 

■ ඇයට ඇයගේ තැන දෙන්න

things should know by a newly wed girl

Source – bursaburaya.com

ඔන්න ඔයා අළුත් ගෙදරට හා හා පුරා කියලා ගිය ගමන්ම ඔයාට දැනෙනවා මේ පිළිවෙල ඔයාට හරියන්නෙ නෑ කියලා. එහෙම හිතුන ගමන්ම නැන්දම්මාගෙ පිළිවෙල වෙනස් කරන්න යන්න එපා. කාලයට ටිකක් ඉඩ දෙන්න. ඇයව අධ්‍යනය කරන්න. ඇයගෙ විදිහ තේරුම් ගන්න එක ඔයාටමයි හොඳ.

 

■ නැන්දම්මා කිසිදාක අම්මා නොවෙයි… අම්මාටත් වඩා හොඳින් ඇය සමඟ සමඟිව ඉන්න බලන්න

things should know by a newly wed girl

Source – allindiatimes.com

නැන්දම්මා ඔබට හමුවන්නෙ ඔබේ විවාහයෙන් පසුවයි. මේ වෙනකොට ඔයා ජීවිතේ ටික දුරක් ඇවිල්ලයි ඉන්නෙ. ඉතින් ඇයට ඔබ තවමත් ආගන්තුකයි. ඔබේ අම්මා තරමට ඔබව ඉවසීමක්, ඔබව තේරුම් ගැනීමක් නැන්දම්මාගෙන් බලාපොරොත්තු වෙන එක හරියටම හරිද?? අම්මා නම් ඔයා නිසා වෙන ඕනම සිත් රිදීමක්, වේදනාවක් තමන්ගේ දරුවානේ කියලා හොර රහසේම විඳගෙන ආපහු ඔයා එක්ක හිනාවෙයි. අම්මාගේ හිතේ දරුවෝ ගැන හිත රිදුණ අතීත මතක ඉබේම මැකිලා යනවානේ. ඒත් නැන්දම්මාට ඔබව වටහා ගැනීමට කාලයක් ගතවේවි. ඔයාගෙ පොඩි වචනයෙන් වෙන සිත්රිදීම පවා ඇයට හොඳින් මතක තියෙන්න බැරි නෑ. ඉතින් අම්මා ළඟ ඉන්නකොට වඩා හොඳ අවබෝධයකින් තමා අළුත් අම්මා එක්ක ඉන්න ඕන.

 

■ ඇයට ඔහු හැමදාටම ඇයගේ පුතාමයි

things should know by a newly wed girl

Source – videoblocks.com

අළුත විවාහවෙන යුවතියෝ කාගෙත් ආසාව තමයි තමන්ගේ මහත්තයාට තේ එක හදලා අතට දෙන එක, කෑම හදලා ඔහු රස කර කර කන විදිහ බලන එක, ඔහුගේ රෙදිපිළි සෝදලා මැදලා ගැළපෙන විදිහට ඇඳුම් තෝරලා දෙන එක. ඔන්න ඉතින් මේ හීන ටික අරගෙන අළුත් නිවසට ගියාම නැන්දම්මා එනවා උදේම පුතාට තේ එකත් අරන්. ඔයාගෙ හිත රිදෙයි තමයි. ඒත් මෙන්න මේ දේ දරාගන්නත් ඔයා කලින්ම සූදානමින් යන්න ඕන. පුතා ඉපදුණු දවසේ ඉඳන් කරපු පුතාගේ වැඩකටයුතු ඔහුගේ අම්මාට එකපාරම අතහැරලා දාන්න හැකියාවක් නැති බව ඔයා තේරුම් ගන්න ඕන. ඉවසීමෙන් කාලයට ඉඩ දෙන්න ඔයා හිතට ගන්න ඕන.

 

■ සවන් දෙන්න

things should know by a newly wed girl

Source – whattheflicka.com

ඇය ඔබට කියාවි. ඔබ අසන්න. ඔබේ මතය ඊට හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඉවසන්න. ඇයගේ මතය තහවුරු නොකළත් ඇයට සවන් දෙන්න. ඇයගෙ දෑස දෙස බලා ඔබ ඇයට සවන් දෙන බව ඇයට අඟවන්න. ඔබ දෙදෙනා අතර සමීප සබඳතාවයක ආරම්භය එය වෙන්නත් පුළුවන්.

 

3. වෛද්‍යවරයෙක් හමුවී විවාහයට කල් තියාම බොන්න තියෙන විටමින් සහ ඖෂධ ගැන විස්තර දැනගන්න

things should know by a newly wed girl

Source – tommys.org

විවාහයට පෙර අපේ බොහෝ දෙනා කරන්නේ ගෑණු ළමයාගෙයි පිරිමි ළමයාගෙයි හඳහන් දෙක අරන් ගිහින් ගලපාගෙන එන එකනේ. ඒ වගේම ළඟදීම විවාහයට සැරසෙන ඔයා අනිවාර්යයෙන් ගලපාගන්න ඕන දෙයක් තමයි ඔබෙත් සහකරුගෙත් ලේ ගැලපීම. විවාහයෙන් අනතුරුව අපේ යුවතියන්ගේ ලොකුම බලාපොරොත්තුව කිරි කැටි දරුපැටියෙක්ගේ සුරතල් බලන එකනේ. ඉතින් සාර්ථක දරු සම්පතක් ලබා ගන්න වගේම තවත් බොහෝ කාරණා වලට මේ ලේ පොරොන්දම ගැලපෙනවද කියලා බලාගන්න එක කළ යුතුම දෙයක් (උදා: තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවෙක් බිහිවෙන්න එකම හේතුව තැලසීමියා රෝග වාහකයන් දෙදෙනෙකු අතර ඇතිවෙන විවාහයයි.)

ඒ නිසා විවාහ අපේක්ෂාවෙන් සිටින ඔබ විවාහයට ප්‍රථම ළඟම ඇති රජයේ රෝහලෙන් නොමිලේම කරලා දෙන මෙම රුධිර පරීක්ෂාවක් කර ගැනීම ඉතාම වැදගත්.

අනෙක් කාරණය තමා යුවතියක් විවාහයට පෙර ලබාගෙන තිබිය යුතු ප්‍රතිශක්තිකරණ එන්නත් ගැනත්, ලබා ගත යුතු වන ඖෂධ වර්ග ගැනත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න අමතක කරන්න එපා. (උදා: ෆෝලික් අම්ලය, රුබෙල්ලා එන්නත)

ඒ වගේමයි විවාහයෙන් අනතුරුව ඉක්මනින්ම දරු සම්පතක් බලාපොරොත්තු වෙන්නෙ නැත්නම් දෙදෙනා එක්කම ගිහින් උපත් පාලනය පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගන්නත් අමතක කරන්න එපා. මේ පුංචි ගමන තුළින් අනපේක්ෂිත දරු උපතකින් ඔබ දෙදෙනාම යම් අසීරුතාවයකට පත්වීම හරි ලෙහෙසියෙන් වළක්වා ගන්න පුළුවන්.

 

4. රසට උයන්න පිහන්න පුරුදු වෙලාම යන්න

things should know by a newly wed girl

Source – giphy.com

“ඔයාට උයන්න පුළුවන්ද” කියලා කවුරුහරි ඇහුවොත් “අනේ ඕන දෙයක් පුළුවන්, මට ඒක නම් බෑ” කියලා පිළිතුරු දෙන එක අපේ යුවතියෝ අතර දැන් විලාසිතාවක් වෙලා. ඔයත් එන්න ඒ ගොඩේ ඉන්න කෙනෙක් නම් දැන්ම වෙනස් වෙන එක තමයි හොඳ. බිරිඳගේ අතින් හැදෙන රස කෑම වේලකට හැකියාව තියෙනවා සැමියාගේ හිත ගොඩාක් සතුටින් පුරවන්න. ගෙදර උදව්වට කී දෙනෙක් හිටියත් විවාහයෙන් පස්සෙ බිරිඳගේ අතින් හැදෙන රස කෑම එකක් රහ බලන එක සැමියෙකුගෙ අහිංසක ආශාවක්. ඒ වගේම තමයි අළුත ගෙනා මනමාලිගෙ කෑම වල රස කවුරු කවුරුත් කතා කරන එකත් ඔහුට ලොකු ආඩම්බරයක්.

 

5. සමාව දීම හා සමාව ගැනීම දිගු විවාහ දිවියේ රන් හා වටිනා රහසයි

things should know by a newly wed girl

Source – huffingtonpost.com

කියමනක් තියෙනවනේ තරහා ගැනීම හරියට තමන් වස පානය කරලා අනෙක් පුද්ගලයාගේ පණ යනකම් බලාගෙන ඉන්නවා වගේ කියලා. සමාව දීම කියන්නේ අනුන්ට වගේම විශේෂයෙන්ම ඔයාගේ ශරීර සෞඛ්‍යයටත් ඉතාම හිතකර දෙයක්. ඉතින් ළඟදීම විවාහ වෙන්න ඉන්න ඔයත් මේ ගැන හොඳින් හිතට ගන්න ඕන. අපි එකිනෙකාට ඇති ගතිගුණ, අපේ හැසිරීම, ඒවා අපිටම ආවේනික වුණ දේවල්. ඉතින් ඒ වගේ දෙන්නෙක් එක වහලක් යට එකට ඉන්න ගත්තම විවිධ ප්‍රශ්න ගැටළු මතුවෙන එක හරිම සාමාන්‍ය දෙයක්. විවාහ දිවියෙ සිදුවෙන පුංචි පුංචි හිත්රිදීම්, වචන හුවමාරු වීම් නිසා ඇතිවෙන අමනාපකම් දිගින් දිගටම ඇදගෙන යන්න පුරුදු වෙන්න එපා. ඒවා ඒ ඒ වෙලාවට අමතක කරන්න හුරු වෙන්න. ඉවසීමෙන් හා සමාව දීමට පුරුදු වීමෙන් වගේම සමාව ගැනීමට පසුබට නොවීමෙන් ඔයාට සාර්ථක විවාහ දිවියක දිගු ගමනක් යන්න හැකියාව ලැබෙයි.

 

6. කල්තියාම ඔහු සමඟ කතා කර දෙදෙනාම එකම තීරණ වලට එන්න

things should know by a newly wed girl

Source – kamdora.com

දෙදෙනාම හිතේ සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක නිදහස් තැනකට ගිහින් විවාහයෙන් පස්සෙ දෙන්නා එකට ගෙවන්න යන ජීවිතේ ගැන දෙන්නත් එක්ක ටිකක් කතා කරගන්න. ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න ඔහුගේ හිත කළබල නොකර එකින් එකට අහලා විසඳා ගන්න එක ළඟඳීම විවාහ වෙන්න යන ඔයා විවාහයට කලින් කරන්නම ඕන දෙයක්.

දැනට ඔයා රැකියාවක් කරනවා නම් විවාහයෙන් පස්සෙ දිගටම රැකියාවෙ රැඳිලා ඉන්නවද? ඔහුගේ මව්පියන් ඊට විරුද්ධ වුවහොත් ගන්න තීරණය කුමක්ද? විවාහයෙන් පසුව පදිංචි වෙන්නෙ කොහේද? ඔහුගේ මහ ගෙදරමද? නැත්නම් වසරක් දෙකක් හෝ දෙදෙනා පමණක් වෙනමම නිවසක පදිංචියට යනවද?

මේ ආකාරයේ වැදගත්ම දේවල් කතාකරගෙන දෙදෙනාම එකම තීරණයකට, එකම එකඟතාවයකට එන එක විවාහයෙන් පසු දිවිය තවත් ලෙහෙසි කරාවි.

 

7. ඔහුව ලෝකයේ අනෙක් කාන්තාවන්ගේ සැමියන් හා සසඳන්න එපා

things should know by a newly wed girl

Source – theprayingwoman.com

විවාහයට පෙරදි උනත් පසුව උනත් මේ දේ නම් ඔයා නොකරන්න හොඳට හිතට ගන්න ඕන. ඔයාගේ යෙහෙළියන්ගේ ස්වාමිපුරුෂයන් දිහා බලලා “අනේ මගේ හස්බන්ඩ් එහෙම නෑනේ කියලා සසඳන්න නම් යන්න එපා.” විවාහයට කලින් මංගල්‍යය සැලසුම් කරද්දී ඔයා ඔයාගේ වටේ ඉන්න විවාහ වුණු හැමෝගෙන්ම උපදෙස් අරන් ඔබේ සහකරුට ඒ හැමදේම යෝජනා කරන්න යන්න එපා. ඔහුගේ සීමාව ඔබ අඳුන ගන්න. ඔහුව ලෝකේට ණයකාරයෙක් කරන එක නෙමෙයි ඔබෙන් විය යුත්තේ. ඔහු ඔබ වෙනුවෙන් යමක් කරයිද, ඒ දේ අගයලා ඔහුව දිරිමත් කරන්න.

සාමාන්‍යයෙන් විවාහ මංගල්‍යයෙන් පස්සෙ හැමෝගෙම ඇස් යන්නෙ මනමාලිගෙ පැත්තටනේ. කෙලින් බැලුවෙ නැතත් හොරෙන් හරි බලන්නෙ මනමාලි දිහා තමයි. රැකියාවකට යන යුවතියක් නම් කාර්යාලයට ගිය ගමන්ම ඔයාව තමා ප්‍රධාන මාතෘකාව වෙන්නෙ. “ඔයාට හස්බන්ඩ් පෝරුවෙදී දැම්මෙ පවුම් කීයේ මාලයක්ද?”,“සාරිය තේරුවේ එයාද?”, “එයා බොනවද ?”, “මගේ හස්බන්ඩ් නම් මෙහෙමයි අනේ…” ඔය වගේ දහසක් දේවල් ඔයාට අහන්න ලැබෙයි. ඒ හැම අවස්ථාවකදීම ඔබේ සහකරුගේ අභිමානය රැකෙන පරිදියි ඔයා හැසිරෙන්න ඕන. මංගල්‍යයේ වියහියදම් පියවෙන්නත් කලින් ඔහුට තවත් මූල්‍යමය ගැටළු මතු නොකරන එකයි ඔබේ යුතුකම.

ඔන්න ළඟදීම මංගල නැකතකින් සුන්දර පතිනියක් වෙන්න ඉන්න ඔයා දැනගෙන ඉන්නම ඕන වැදගත් කරුණු ටිකක් අපි අරගෙන ආවා. හොඳින් කියවලා මේ දේවල් ගැනත් අවබෝධයකින් ඉන්න එක සුබ මොහොතින් පටන් ගන්න නව දිවියට ආශිර්වාදයක් වේවි. එහෙනම් ළඟදීම මනාලියක් වෙන ඔයාට සුබම සුබ අනාගතයකට ලයිෆී අපෙනුත් සුබ පැතුම් !!!

Cover Image Source – girlsglamour.in

Leave a Reply

Your email address will not be published. Required fields are marked *