දැන් නිකමට හිතලා බලන්න අපි ගාව ක්‍රෙඩිට් කාඩ් කීයක් විතර සාමාන්‍යයෙන් තියෙනවද කියලා. සමහරුන් ගාව තියෙන්නේ එක ක්‍රෙඩිට් කාඩ් එකයි. හැබැයි ඒකේ ක්‍රෙඩිට් ලිමිට් එක කොයි ගාණටද තියෙන්නේ කියලා හිතලා බලන්න. සමහරු ක්‍රෙඩිට් කාඩ් මැක්ස් අවුට් වෙලා, ජීවිතේම ක්‍රෙඩිට් කාඩ් ණය ගෙවමින් යනවා. ඒ අස්සේ තවත් කාඩ් ගන්නවා. දැන් ඇයි ඇත්තටම එහෙම වෙන්නේ? සරලයි. අපි උපයන ප්‍රමාණයට වඩා වියදම් කරන නිසා. එතකොට අපි ක්‍රෙඩිට් කාඩ් වලින් ඇත්තටම මොනවටද වියදම් කරන්නේ? බහුතරයක් දෙනා, සෑහෙන්න වෙලාවට ක්‍රෙඩිට් කාඩ් වලින් කරන්නේ පරිභෝජනයට අවශ්‍ය දේවල් ගන්න එක. ඇත්තම කිව්වොත් මේ පරිභෝජනයට අවශ්‍ය දේවල් කියන්නේ තමන්ගේ යැපීමට අවශ්‍ය දේවල් නෙවෙයි. ඊට වඩා අපේ ජීවිතයට ඕන කියලා අපි හිතාගෙන ඉන්න දේවල්. ඇත්තම කතාව කිවුවොත්, ඒවා නැතුව අපිට ජීවත් වෙන්න කිසිම අසීරුවක් අමාරුවක් එහෙම නෑ!
මේක ඇත්තටම අපිට විතරක් තියෙන ගැටළුවකුත් නෙවෙයි. මේ කාලේ ලෝකේ ගොඩක් අයට තියෙන, හැබැයි ගොඩක් අය එහෙම තියෙනවා කියලා දන්නෙත් නැති ගැටළුවක්. ඉතින් ප්‍රශ්නේ වෙන්නේ කොහොමද ඒ අසීමාන්තික, අනවශ්‍ය පරිභෝජනයෙන් ගැලවෙන්නේ කියන එක. ආන්න ඒකට මේ උපදෙස් ටික වැදගත් වෙයි ගොඩක් දුරට.
1. නවතින්න
ඔව්, අපි මෙච්චර කල් ඉවක් බවක් නැතුව දේවල් පරිභෝජනය කළා නම්, පොඩ්ඩක් නවතින්න. නැවතිලා හිතලා බලන්න තමන් ජීවිතේ මොනවද කරලා තියෙන්නේ කියලා. අපි ජීවිතේ නිර්මාණය කරලා තියෙන්නේ මොනවද කියලා හිතලා බලන්න. අපි ජීවිතේ මහන්සි වෙලා සල්ලි හම්බු කරනවා. ඊට පස්සේ ඒ හම්බ කරපු සල්ලි වලින් මොනවද කරලා තියෙන්නේ? කොයි තරම් හරයක් තියෙන දේවල් වලට අපි සල්ලි වියදම් කරලා තියෙනවද? කොයි තරම් හරයක් නැති දේවලට අපි සල්ලි නාස්ති කරලා තියෙනවද? අපි සල්ලි හම්බු කළත්, ඒවලින් දේවල් මිලදී ගත්තත් අපි ඇත්තටම ඉන්නේ සතුටින්ද? මෙන්න මේ වගේ කාරණා හිතලා බලන්න ඕන. ඒවා හිතන්න නම් පොඩ්ඩක් මේ ඉවක් බවක් නැතුව කරන පරිභෝජනයෙන් මිදිලා පොඩ්ඩකට නවතින්න ඕන.
2. අනෙක් කෙනාට ඕන දේ මටත් ඕනෙද
ඇත්තටම මේක ගොඩක් වෙලාවට අපේ ඉවක් බවක් නැති පරිභෝජනයට හේතු වෙන දෙයක්. අපි ගොඩක් වෙලාවට දේවල් මිලදී ගන්නේ අපිට ඕන නිසා නෙවෙයි, අපේ අසල්වාසියාට හරි, අපේ යාලුවාට හරි, ටීවී එකේ ඉන්න නලුවාට හරි ඕන නිසා. පැහැදිළි නැද්ද? නිකමට හිතලා බලන්න අපි කොයි තරම් අනික් මිනිස්සුන්ව කොපි කරනවද කියලා. අන්න ඒක පරිභෝජනයෙදිත් අපි කරනවා. අල්ලපු ගෙදර කෙනා අලුතින් ලොකු ටීවී එකක් ගත්තහම අපිටත් ටීවී එකක් ඕන වෙනවා. යාළුවා අලුතින්ම කාර් එකක් ගත්තහම අපිටත් අලුතින් කාර් එකක් ඕන වෙනවා. එතකොට අපිට සතුටක් ලැබෙනවා තමයි. හැබැයි ඒ ලැබෙන සතුට හරිම තාවකාලිකයි. අන්න ඒ නිසා, අනික් කෙනාට ඕන දේ මටත් ඕන වෙනවද කියන ප්‍රශ්නය තමන්ගෙන්ම අහන්න.
3. දුර්වල තැන් මොනවද?
අපි හැමෝටම යම් යම් දුර්වලකම් තියෙනවනේ. ආන්න ඒ දුර්වලකම් වලින් සමහරක් අසීමාන්තික පරිභෝජනයටත් දායක වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, මගේ දුර්වලකම වෙන්නේ අලුතින් සෙරෙප්පු ගන්න තියෙන ආසාව වෙන්න පුළුවන්. එතකොට, මට අතේ සල්ලි තියෙනවා නම්, සපත්තු කඩයක් ගාවින් යනකොට නැවතිලා සෙරෙප්පු ජෝඩුවක් ගන්නම හිතෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ දුර්වලකම සුපර් මාකට් ෂොපින් කිරීම වෙන්න පුළුවන්. අර ට්‍රොලියක ඕන දේයි එපා දේයි දාගෙන යනකොට මාර ආතල් එකක් තියෙන්න පුළුවන්. ආන්න ඒ දුර්වලකම් මුලින්ම හඳුනාගන්න ඕන. ඊට පස්සේ, ඒ දුර්වලකම් සම්බන්ධයෙන් සවිඥාණික වෙන්න ඕන. ඊට පස්සේ ඒ දුර්වලකම් අපේ ජීවිතේට බලපාන්න පුළුවන් තැන් හදාගන්න ඕන. උදාහරණයක් විදියට සුපර්මාකට් එකට යන්න ඕන නම් අපිට බඩු ලැයිස්තුවක් හදාගෙන යන්න පුළුවන්. එතනින් පිට මොකුත් ගන්නෙ නැහැයි කියලා අධිෂ්ඨානයෙන් බඩු අරගෙන එන්න පුළුවන්.
4. බැලන්ස් ලයිෆ් එකක්
ඇත්තටම අසීමිත පරිභෝජනයෙන් මිදෙන්න නම් අපේ ජීවිතේ හොඳ බැලන්ස් එකක් තිබීමත් අත්‍යාවශ්‍ය වෙනවා. ඒ කියන්නේ හොඳ ශාරීරික මානසික නිරෝගී භාවයක්, හොඳ වර්ක් ලයිෆ් පර්සනල් ලයිෆ් බැලන්ස් එකක් තියෙන්න ඕන. ඇයි එහෙම කියන්නේ? සමහරු දැකලා තියෙනවද ස්ට්‍රෙස් වුණහම පිස්සුවෙන් වගේ රසකෑම කනවා? ස්ට්‍රෙස් ඊටින් කියන්නේ ඒකට. අන්න එතකොට ආයෙ සෞඛ්‍ය ප්‍රශ්නත් එනවා. හැබැයි අපිට බැලන්ස් ලයිෆ් එකක් තියෙනවා නම්, ඒ වගේ පාලනය කරන්න අසීරු ක්‍රේවින්ග්ස් එන්නෙ නෑ. අනික, ලයිෆ් එක බැලන්ස් වෙනකොට, අපිට පාරිභෝගික භාණ්ඩ වලින්, පාරිභෝජන ද්‍රව්‍ය වලින් අපේ ලයිෆ් එකේ හිස් තැන් පුරවගන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.
5. උපයෝගීතාවය මොකද්ද?
මෙන්න මේක අපි දෙයක් ගන්න හිතනකොටම අහලා බලන්න ඕන දෙයක්. ඇත්තටම මේ භාණ්ඩය ගත්තට පස්සේ, මට ඒ භාණ්ඩයෙන් තියෙන වැඩේ මොකද්ද? ඒ භාණ්ඩයේ උපයෝගීතාවය මොකද්ද? මේක අහලා බලන්න ඕන. ඒකට හේතුව, ගොඩක් වෙලාවට අපි ගන්න දේවල් වල උපරිම උපයෝගීතාවය අපි ලබා නොගන්න නිසා. කොයි තරම් නම් බඩු අපි ආසාවට අරගෙන ගෙදර ගොඩගහගෙන ඉන්නවද? නිකමට හිතලා බලන්න. ගෙදර ඉඳන් එක්සයිස් කරන්න කියලා අපි ගන්න ඇබ් කින්ග් ප්‍රෝ එකක් ඊට පස්සේ පාවිච්චි වෙන්නේ රෙදි වනන්න. සිංදු අහන්න කියලා හයි ෆයි සෙටප් එකක් ගත්තට, ඒක පාවිච්චි කරනවට වඩා අපි කරන්නේ යන එන මගදී ෆෝන් එකෙන් සිංදු අහන එක. ඒ වගේ, අපි වට පිට බැලුවොත් ආසාවට අරගෙන පාවිච්චි නොකරන දේවල් ඕන තරම් හොයාගන්න පුළුවන්. සමහර දේවල් අපි කවදාක හරි වුවමනා වෙයිනේ කියලා ගන්නවා. ඒත් තේරුමක් වෙන්නෙ නෑ. අන්න එහෙම දේවල් ගන්න වුවමනාම නෑ.
6. රැල්ලේ මුලින් ඉන්න ඕන නෑ!
දැන් ඔය එක එක දේවල් වලට රැලි එනවනේ. උදාහරණයක් ගමු. දැන් ඔන්න ෆෝන් කම්පැණියකින් අලුත්ම ෆෝන් එකක් රිලීස් කරනවා. දැන් හැමෝම කතා කරන්නේ ඒ ෆෝන් එක ගැන. හැමෝම හිතනවා තමන් අප්ඩේටඩ් මනුස්සයෙක් වෙන්න නම්, ඒ ෆෝන් එක තමනුත් ගන්න වුවමනායි කියලා. ඇත්තටම එහෙම එකක් නෑ. ඒ තමයි නිර්මාණය වෙන රැල්ල. තමන්ට තමන් අතේ තියෙන ෆෝන් එකෙන් තමන්ගේ වැඩකටයුතු ටික සාර්ථකව ඉෂ්ට කරගන්න පුළුවන් නම්, ඇයි අර අලුතින් ආපු හැමෝම කතා වෙන ෆෝන් එක ගන්න අවශ්‍ය වෙන්නේ? අවශ්‍ය නැහැනේ. ආන්න ඒ නිසා, රැල්ලට යන්න එපා. රැල්ලේ මුලින් ඉන්න ඕන කියලා හිතන්නත් එපා. තමන් මිලදී ගන්න දේවල් වලින් තමන්ගේ සමාජ තත්වය තීරණය වෙනවා කියලා හිතන්නත් එපා. දෙයක් තමන්ට අවශ්‍ය වුණොත් විතරක්, ඒ දෙයින් තමන්ට වැඩක් තියෙනවා නම් විතරක් ගන්න.
7. ගන්න දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න
මෙන්න මේකත් අපි ගොඩක් වෙලාවට නොකරන දෙයක්. ආයෙමත් ස්මාට්ෆෝන් උදාහරණෙන්ම හිතමු. අපේ ගෙදර, තාමත් වැඩ කරන, ඒත් අපි වැඩක් නොගන්න ෆෝන්ස් කීයක් තියෙනවද? සමහරුන්ගේ ගෙවල් වල එහෙම ස්මාට්‍ෆෝන් තුනක් හතරක් වුණත් තියෙන්න පුළුවන්. ඇයි ඒ? සමහරු තමන් පාවිච්චි කරමින් ඉන්න ස්මාට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියොත්, ඊලඟට යන්නේ ඩිස්ප්ලේ එක හදාගන්න නෙවෙයි, අලුතින්ම ස්මාට්ෆෝන් එකක් ගන්න. මොකද්ද ඉතින් අවශ්‍යතාවය? මේ ස්මාට්ෆෝන් එකට රුපියල් දහදාහකින් ඩිස්ප්ලේ එකක් දාගෙන තව අවුරුදු දෙකක් පාවිච්චි කරන්න පුළුවන් නම්, මොකටද හැත්තෑ දාහක් වියදම් කරලා ලේටස්ට්ම ස්මාට්ෆෝන් එක ගන්නේ? සමහරුන්ට තමන් පාවිච්චි කරන ෆෝන් එකේ ආබාධයක් තියෙන්න ඕනත් නෑ. ඒක පරණයි කියලා හිතෙන නිසා, ලේටස්ට්ම ස්මාට්ෆෝන් එක ගන්න යනවා. එතකොට ඇත්තටම අපි අර පාවිච්චි කරමින් හිටපු බඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන නැහැ නේද?
ඒක කරන්න එපා. පුළුවන් හැම මොහොතකම කොලිටි භාණ්ඩයක් ගන්න. ඊට පස්සේ ඒක පාවිච්චි කරන්න පුළුවන් කාලය ඉවර වෙනකල්ම දෙයියනේ කියලා පාවිච්චි කරන්න. ආයෙමත් ඒකෙන් වැඩක් ගන්න බැහැ කියලා ෂුවර් නම් විතරක් අලුත් එකකට යන්න!
Leave a Reply