ඇමරිකාවේ ප්‍රාන්ත ගැන විස්තර දැනගනිමු – 3 කොට​ස

මේ ලිපි පෙළ ගැන ආයේ අමුතුවෙන් අටුවාටීකා ලියන්න අවශ් වෙන්නේ නැති හින්දා අපි කෙලින්ම ඇමරිකා එක්සත් ජනපදයේ තවත් ප්රාන්ත හතක් ගැන තොරතුරු හොයන්න පටන් ගමු.

 

ඇමරිකාවේ ප්‍රාන්ත ගැන විස්තර දැනගනිමු

ඇමරිකාවේ ප්‍රාන්ත ගැන විස්තර දැනගනිමු – 2 කොට​ස

 

 

1. අයෝවා (Iowa)

අතීතයේ දී ප්රංශ ලුසියානා සහ ස්පාඤ්ඤ ලුසියානා ලෙස හැඳින්වූ ප්රදේශවල කොටසක පැවති මෙම ප්රාන්තයේ  ධජය තුළින් පවා ප්රංශ ආභාෂය නිරූපණය වනවා. ඇමරිකා එක්සත් ජනපදයට මෙම ප්රදේශයේ බලය හිමි වීමෙන් පසුව කෘෂිකර්මාන්තය ශීඝ් දියුණුවක් ලබා ගත් අතර පසුකාලීනව ආර්ථිකය විවිධාංගීකරණය සිදුවුණා. ඉතා සාමකාමී ප්රදේශයක් වන මෙම ප්රාන්තය සැලකෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය තුළ ජීවත්විය හැකි ආරක්ෂිතම ප්රාන්තයක් ලෙසටයි

 

 

2. කැන්සාස් (Kansas)

ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්රදේශවල මෙන්ම මෙම ප්රාන්තයේ මුල් බිම්වල අයිතියද ගෝත් රාශියකට හිමිව තිබූ අතර යුරෝපීය සංක්රමණිකයින් එම ප්රදේශවලට පැමිණියේ භූමිය පමණක් නොව වහලුන් ලෙස ඔවුන් භාවිතා කිරීමේ අරමුණ සහිතවයි. මේ නිසා දෙපාර්ශවය අතර දැඩි ලෙස ගැටුම් ඇවිළුණු අතර අවසානයේදී  ප්රදේශය ඇමරිකා එක්සත් ජනපදයේ ප්රාන්තයක් ලෙස නම් කරන විට නිදහස් ප්රාන්තයක් ලෙස ප්රකාශයට පත් වුණා. මෙම ප්රාන්තයේ භූමි ප්රදේශ වලින් 90% පමණ කොටසක් කෘෂිකර්මාන්තය සඳහා වෙන්ව පවතින අතර වර්තමානය වන විට ගුවන් යානා හා සම්බන්ධ ආර්ථිකයක්   මෙහි දශක කීපයක් තිස්සේ වර්ධනය වී තිබෙනවා

 

 

3. කෙන්ටකී (Kentucky)

අතීතයේ දී දේශීය ගෝත්රික ප්රජාවගේ භූමි ප්රදේශයක් වූ  මෙහි යුරෝපීය සංක්රමණිකයන් සමග විවිධ ගැටුම් ඇති වුණා. එහිදී ගෝත්රිකයන් විශාල ප්රමාණයකට සිය ජීවිතයත් භූමි ප්රදේශයනුත් අහිමි වුණා. මුල් කාලයේදී වර්ජිනියා (Virginia) ප්රාන්තයේ කොටසක්ව මෙම ප්රදේශය පැවති අතර පසුව ඇමරිකා එක්සත් ජනපදයේ පහළොස් වැනි ප්රාන්තය ලෙස බෙදා වෙන් කරනු ලැබුවා. මෙම ප්රදේශයේ දේශගුණය නිසා වයින් කර්මාන්තය ඇතුළු මධ්‍යසාර කර්මාන්තයට අතීතයේදී විශාල ප්රසිද්ධියක් උසුලනු ලැබුවා. කෙසේ නමුත් වර්තමානය වන විට මෝටර් රථ නිෂ්පාදනය ඇතුළු වෙනත් නිෂ්පාදන සහ සේවා ආර්ථිකය සමඟ මධ්යසාර නිෂ්පාදනය තරග කරනු ලබනවා

 

 

4. ලුයිසියානා (Louisiana)

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ප්රදේශයේ පිහිටා තිබෙන මෙම ප්රාන්තය සැලකෙන්නේ ප්රාන්ත අතරින් සංස්කෘතික විවිධත්වය වැඩිම ප්රාන්තය ලෙසටයි. ඈත අතීතයේ පටන් ගෝත්රික ප්රජාව, ප්රංශ ජාතිකයන්, ස්පාඤ්ඤ ජාතිකයන්, ලතින් ඇමෙරිකානුවන් ආදී සංක්රමණිකයන් රැසක් මෙම ප්රදේශවල ජීවත් වුණා. නැපෝලියන් බොනපාට් විසින් මෙම ප්රදේශවල අයිතිය ඇමරිකා එක්සත් ජනපදයට විකුණා දැමුව අතර මෙයින් පසු කාලයේදී දේශීය ප්රජාව වෙත යම් මර්දනකාරී ප්රතිපත්තියක් ක්රියාත්මක වුණා. හරහා ප්රාන්තයේ රාජ් භාෂාව ඉංග්රීසි ලෙස නම් කෙරුණු අතර අධ්යාපන මාධ්යය එයම වුණා. කෙසේ නමුත් වර්තමානය වන විට ප්රාන්තය සම සංස්කෘතික විවිධත්වය කෙරෙහි ආඩම්බර වන අතර  කිසිදු භාෂාවක් නිල භාෂාව ලෙස නම් කොට නැහැ

 

 

5. මේයින් (Maine)

ඇමරිකා එක්සත් ජනපදයේ ප්රාන්ත අතරින් වූ වඩාත්ම දුෂ්කරම ප්රාන්තය ලෙස මෙය සැලකෙනවා. කැනඩාවට මායිම්ව පිහිටා ඇති මෙම ප්රදේශය රළු භූවිෂමතා ලක්ෂණ වලින් සමන්විත වුවත් ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ප්රදේශයක් වනවා. මෙම නිසාම  ප්රදේශයේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීම සඳහා නිර්මාණාත්මක ආර්ථිකය නම් සංකල්පය හඳුන්වා දී තිබෙනවා

 

 

6. මේරිලන්ඩ් (Maryland)

එංගලන්තයේ රජ කළ පළමු චාල්ස් රජුගේ බිරිඳ වන හෙන්රියාටා මේරි කුමරිය නමින් මෙම ප්රාන්තය නම් කොට තිබෙනවා. එවකට එක්සත් රාජධානිය තුළ පැවති කතෝලික විරෝධී නීති වලින් බැට කෑ කතෝලිකයන් මෙම ප්රදේශයට සංක්රමණය වීම සිදුවීමත් සමග එතෙක් එහි වාසය කර සාම්ප්‍රදායික ගෝත්රික ප්රජාවට සිය උපන් බිම් අහිමිව ගියා. මුල් කාලයේදී දුම්කොළ වගාව ප්රධාන කරගත් ආර්ථිකයකට හිමිකම් කී මෙම ප්රාන්තය පසුව කාර්මික විප්ලවය හරහා වේගවත් ආර්ථික සංවර්ධනයකට පියමං කළා. එසේම ඇමෙරිකානු සිවිල් යුද්ධයේදී  වහලුන් බහුලව සිටි  ප්රදේශයක් වුවත් ඒබ්රහම් ලින්කන් ප්රමුඛ සන්ධානයට ඔවුන් සිය සහයෝගය පළ කරනු ලැබුවා

 

 

7. මැසචුසෙට් (Massachusetts)

වර්තමාන ඇමරිකා එක්සත් ජනපදය පිහිටි භූමි ප්රදේශය තුළ ඉංග්රීසි ජාතිකයන් විසින් ජනපදයක් ඇතිකරගත් මුල් ප්රදේශ අතරින් එකක් වන්නේ මෙම ප්රාන්තයයි. එහි අගනුවර වන බොස්ටන්  කාර්මික විප්ලවයේ ප්රධාන කේන්ද්රස්ථානයක් බවට පත් වූ අතර පසුකාලීනව ඇමරිකානු නිදහස් සටනේ මුල්බිම බවට පත් වුණා. මේ නිසාම ඇමරිකානු ඉතිහාසඥයන් නිදහසේ තොටිල්ල ලෙස බොස්ටන් නගරය හඳුන්වනු ලබනවා. විසිවන සියවස ආරම්භයේ දී කෙමෙන් කෙමෙන්  සිය ආර්ථිකයේ ප්රධාන බලවේගය වන කර්මාන්ත වෙනුවට සේවා ආර්ථිකයක් දක්වා වෙනස් කරගැනීමට මෙම ප්රාන්තය සමත් වුණා. හරහා සුවිශාල ආර්ථික ප්රතිලාභයක්ද ලබා ගනු ලැබුවා

 

 එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *